ලංකතා ලියන අපේ කස්ටිය සිංහලෙන් / ලංකතාවක් ලියන්න ආස ඇයි කියල, එයාලගෙම වචන වලින් මෙන්න.
___________________________________________________
මම ඉපදුන දවසේ ඉදල මට හුරු භාශාව සි0හල. අනික අදහස් ප්‍රකාශ කරන්න කියාපු භාශාව. ඉතින් මම සි0හලෙන් ලියන්න ආසයි.කොහොමත් ඉ0ගිරිසියට වඩා සි0හල හොදා.අනික අකුරු පනස් ගානකින් කරන දේ අකුරු 26කින් කොහොම කරන්නද……..?
- සිoහල බෞද්දයා -
_____________________________________________________
ඇත්තම කියුවොත් මට හොදටම ලියන්න පුළුවන් බාසාව තමා සිංහල, ලියන්න ලියන්න ආසයි අප්පා. ලියාගන ලියාගන යන්න හිතෙනවා…………. එක හින්දා ඔන්න මං ලියනවා
- iresh -
_____________________________________________________
සිංහල කියන්නෙ මහ පුදුම භාෂාවක්… අපි කොච්චර ඉංග්‍රීසි පාවිච්චි කලත් සිංහලෙන් තරම් හොදට අපේ අදහස් ප්‍රකාශ කරන්න බෑ….. ඒ අපිට ඉංග්‍රීසි බැරිකම නෙවෙයි…. සිංහල භාෂාවෙ තියන ලස්සන,සංකීර්ණ බව….ඒකයි මම සිංහලෙන් බ්ලොග් ලියන්න ගොඩාක් ආස…. !!
- rangana sampath -
________________________________________________
නොට් එකක් වත් ලියන්නෙ නැති මම සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත් එක වෙන කටවත් තියා මටවත් ව්ස්වාස කරනන බෑ, කොහම හරි මට තෙරේන හැට්යට මෙකත් මාර ආතල් වෑඩ්ක් වගෙ, ඉතින් ඔය ගොල්ලොත් අපිත් එක්ක ආතල් එකට set වෙන්න.
- shani -
_________________________________________________
මම සිංහලෙන් ලියන්න ආසයි. මොකද අපි හැමෝම ඉංග්‍රීසි කෑලි දදා කතා කලාට තාමත් සිංහල එකට ආදරේ කරන ශ්‍රී ලංකාවෙ ඉපදුන මිනිස්සු.
- udaya -
_________________________________________________
විශ්ව භාශාව විය යුත්තේ.. සි0න්හලයි. මේක මම සි0හල හින්දවත්, මට English බැරි නිසාවත් කියනව නෙමෙයි.හරියට ලියල ඒ විදියටම කියවන්න පුලුවන් වෙන්නෙ අද ලෝකේ භාවිතා වෙන භාෂා වලින් සි0හලෙන් විතරයි. අපි ගමු බලන්න කියන වචනෙම. ඒක කාටහරි එන්ග්ලිශ් කියලත් කරන්න පුලුවන්.
අපේ හිතට නැගෙන අදහස් ඒ විදියටම ප්‍රකාශ කරන්න මටනම් පුලුවන් සි0හලෙන් විතරයි. මොන මගුලකට සින්හලෙන් හිතල ඉන්ගිරිසියෙන් ලියනවද මන්ද….
අපේ රාජ්‍ය භාෂාවත් ඉතින් සි0හලනේ………..
- පණ්ඩුක රණමඩුව -
_________________________________________________
මම අලුත් කෙනෙක්… මේ ලංකතා වලට.
මම වැඩිපුරම ලියන්නෙ පොත් ගැන. වෙනත් දේවල් ගැනත් ලියන්න අදහස තියෙනවා…
ලංකතා වලට මාව සම්බන්ධ කර ගත්තට ස්තූතියි.
-kumaraya-

