රට _ The Country

සැර වැඩි වෙයිද කියලා මට බය හිතෙනා..
සුදු වාහන විත් ගෙන යයිදෝ සිතෙනා..
අධ්‍යාපණේ මුන් වනසන හැටි දුකිනා…
බලමින් අහක ඉන්නේ කෙලෙසද කියනා..
නිදහස් උතුම් ඉගෙනුම ලැබුවා උරුම…
ඒ ලැබු දෙයින් ජය ගත්තා දිවි කරුම..
හෙට උපදිනා පොඩිඋන් හට අප වැනිම…
නැති වෙයිදෝ බය හිතෙනවා මේ අරුම…
Nigth Race Beach Party හැමතැනම…
ඇතිවුන් හට ඇත හැමදෙය ඇති පදම..
හෙට කන්නේ කොහොමද සිතමින් තැවෙන
කී දාහක් ඉන්නවදෝ අප රටෙම….?
ඇති නැති පරතරය මහමෙර මෙන් රාළේ..
ප්‍රයිවට් යුනීස් විතරයි අඩු වෙල තිබුනේ…
දුප්පත් උන්ට දුක් ගෙන දෙන බෙර තාලේ..
වයනවා අපේ මහරජ පෙන්වා ආලේ…
ඔයාල මේ ලංකතා වලටත් කැමති වේවි:
Full update එකේ ඉන්න
මොකද් හිතෙන්නේ, ලිපිය ගැන ? සිංහලෙන්ම කොමෙන්ට් එකක් දාන්න.
2 Responses to රට _ The Country
Leave a Reply Cancel reply
සිංහලෙන්ම කොමෙන්ට් එකක් දාන්න
Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න.
සිංහල Unicode comment converter








ලංකතා කියන්නේ සෙට් එකක් එකතුවෙලා ලියන ලස්සන කතාවක්.
අපේ එක එක අදහස් එක්ක කියවන ඔයාලට හොදම රසවින්දනයක් දෙන එකයි අපේ අරමුණ, අපේම කස්ටියක් තමා 

Private University පනත Cancel නේද?
PVT Uni පනත නෙමෙයි…. ඒව නියාමනය කිරීමේ…. ඒ කියන්නේ ප්‍රමිතිකරණය කිරීම පිළිබදව ගෙනාපු පනතයි Cancel කරලා තියෙන්නේ.