බලපු කට්ට්ය :290

උපාලි ධර්මදාස මහතා ශ්‍රී ලoකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති වීමෙන් පසු කළ පළමු ප්‍රකාශය දුටුවද….? අපේ පාඩු මකා ගන්න ඉන්දියාවේ IPL තරග කිහිපයක් මෙහෙ පවත්වන්න කියලා ඉන්දියානු කිරිකට් ආයතන්යෙන් ඉල්ලීමක් කළා නොවැ…? ලැජ්ජ නැති කමක මහත… අපි කරන්න හදපු IPL කොපිය වෙච්චි SLPL වත් කරන්න ඉඩ නොතිබපු නරුම ඉන්දියානුවෝ අපේ ක්‍රිකට් බේර ගන්න උදව් කරයිද…?

සභාපතිතුමෝ මොළේ ( මෝල නෙමෙයි) කල්පනා කරලා වැඩ කරන්න…
ඔබතුමාගේ ඉල්ලීම ගැන උන් සලකලා බලලා නේද..? දැන් IPL කාල සටහන ප්‍රකාශයට පත් කරලා ඉවරයි.  ලන්කාවේ එක තරගයක්වත් නෑ… අඩු තරමේ ඒ ඉල්ලීම සලකා බලා ඉවත දැමීමට හේතු වූ කරුණු ප්‍රකාශයට පත් කරලත් නෑ.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.. චික්…අනේ කාලේ වනේ වාසේ….

අපෙන් ලෝක කුසලානය උදුර ගත්තේ කොහොමද කියන එක සැකයක් වෙලා තිබුනට අපේ පරිපාලකයෝ ඉන්දියාවට වදින හැටි දැක්කම කොහොමද කියලා දැන් නම් ටික ටික තේරෙනවා….

මාස ගානක පඩිවත් නැතිව අපේ කොල්ලෝ දකුණු අප්‍රිකාවේ කොහොම හරි ජාමේ බේරන් තරග වදිනකොට, ඔය වගේ බූරු වැඩ කරලා උන්ගේ මොරාලුත් කන්න එපා…

ඉන්දියාවද අපිද දක්ෂ කියන එකනම් ඉන්දියානු පන්ඩිතයින් ඕස්ට්‍රේලියාවෙ දැන් තරග කරන හැටියෙන් පේනවා…
කාටද වැඩි හැදියාවක් තියෙන්නෙ කියලත් උන්ගේ හැසිරීමෙන් පේනවා….

ඉන්දියානු ක්‍රීඩක විරාත් කෝලි ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයිනට පෙන්නපු ඇගිල්ල  උන්ගේ ක්‍රිකට් ආයතනය අපේ ආයතනයේ සභාපතිතුමාට හොරෙන්ම පෙන්නලා…. අනේ මන්ද… නුඹලාගේ ඔය කිච වැඩ වලින් පච වෙන්නේ  වසර දහස් ගනනක වැදගත් ඉතිහාසයක් තියෙන අපේ ශ්‍රී ලකාවයි….

ඒක තේරුම් අරන් ඉදිරියටවත් වැඩ කරන්න…

ඔයාල මේ ලංකතා වලටත් කැමති වේවි:

 
About The Author

පණ්ඩුක රණමඩුව

2 Responses to පච ඉන්දියාවට පජාත වීම_ Begging from India

  1. shanaka says:

    අනිත් එකාවත් අයින් කරලා නිතරගයෙන් පත් කොරගත්තේ ඕකට තමා..

Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

සිංහලෙන්ම කොමෙන්ට් එකක් දාන්න
Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න.

සිංහල Unicode comment converter