බලපු කට්ට්ය :426

Gamesමා බෙහෙවින් ප්‍රියකරන පරිඝනක ක්‍රීඩා කණ්ඩයක් තමයි ‘strategy  games ‘ කියන්නේ .action , racing , simulations , Fighting ,Arcade සහ තවත් බොහෝ කාණ්ඩ යටතේ ක්‍රීඩා නිපදවා තිබුනත් කුඩා කල සිටම මා ආශා කලේ (නිවැරිදිව කිව්වොත් ඇබ්බැහි වී සිටියේ ) ‘strategy  games ‘ වලටයි . මේවට ඇති ඇබ්බැහිවීම කෙතරම්දැයි  කිවහොත් ක්‍රීඩාවේ ඇති අකර්ශනියත්වය නිසාම  පැය 12 ක් වුවත් එක දිගට නොකා නොබී , නිදිවරාගෙන  සෙල්ලම් කල හැකියි. කෙසේනමුත් අනෙකුත් පරිඝනක ක්‍රීඩා කණ්ඩ සමග සැසඳූ විට මෙවායින් යම් කිසි වටිනාකමක්  ලබාගත හැකි යයි කිව හැක. මක්නිසාද යත්  මෙමගින් ක්‍රීඩාවෙන් ලබන විනොදාස්වාදයට  අමතරව සැලසුම් කරණය (Planing ) , ඉදිරි දැක්ම (Forcasting ) මෙන්ම සමාජයක සාමාජිකයින්  එකිනෙකා හා  බද්ද  වී සිටින අයුරු පිළිබඳව දළ අවබෝධයක් දෙවන බැවිනි . ළමා කාලයෙන් බොහෝ ප්‍රමාණයක් පරිඝනක ඉදිරිපිට ගෙවාදමන නුතන  දරුවන් (බෙහෙවින්ම නාගරික වටපිටාවක් තුලදී ) ගේ හුදෙකලා කාලයට   මෙවැනි ක්‍රීඩා සාපේක්ෂව වටිනාකමකින් යුක්තය.

මෙම ලිපිය එවන්වූ ‘strategy  games ‘  පිළිබඳවයි . මුදලට වුවත්, කවදත් හොඳ නිර්මාණ ලොවට ඉදිරිපත් කරන  Microsoft  සමගම නිපදවා ඇති ‘ Age of Empires ‘ , ‘Age Of Kings’ සහ ‘Age Of Conquerors’ ගැන සමහරක් විට ඔබ අසා ඇති . ජනසමාජයක් බිහිවන අයුරු , එහි  වර්ධනය , නව නිපැයුම් බිහිකිරීම වැනි ක්‍රියාදාම මෙමගින් ඔබට අත්විඳිය හැක . ගල් යුගයේ සිට රජුන්ගේ යුගය දක්වා කාලය මුලික කරගෙන මේවා නිපදවා ඇත .ලොව මෙතෙක් බිහිවූ පුදුම නිර්මාණ බිහිකිරීමට දායක වීම ,ආක්‍රමණ , සංහාර මෙන්ම මෙතෙක්  ලොව පහලවූ ශේෂ්ඨ රණශුරයන්ගේ රාජධානි පිහිටුවීමේ , රාජ්‍යය  සබදතා ඇති කරගැනීම ,අධිරාජ්‍ය ස්ථාපිත කිරීමේ අද්දැකීම් මෙම ක්‍රීඩාව මගින් ඔබට ලබාගත හැකිය. Microsoft සමාගමේම තවත්  එවන් වූ නිපැයුමක් ලෙස ‘Rise Of Nations’ නම් කල හැක.Age Of …  කාණ්ඩයට වඩා ක්‍රීඩාවේ ඉදිරි පිම්මක් වන මෙම මාලාව (Game  Series) ගල් යුගයේ සිට තොරතුරු තාක්ෂණ යුගය දක්වා විවිධ ජන සමාජයන්ගේ විකාශනය නිරුපනය කරයි. ‘Stronghold’ යනු   ‘Firefly Studios’ ඉදිරිපත් කරන ඉහත සඳහන් ඒවාට සමාන  තවත්  ආකර්ෂණිය ක්‍රීඩා මාලාවකි. ‘Emperor :Rise Of Middle Kingdom ‘ යනු  පුරාතන චීනයේ ජන ජීවිතය සහ රාජ්‍ය පාලනය පිළිබිඹු කරන ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවේදී ඔබ පාලනය කරන නගරය  අනෙකුත් රාජ්‍යය  සමග සිදුකරන ගනුදෙනුවලට අනුව ඒවායින්  ප්‍රතිචාර  ලැබීම , හොඳ ප්‍රතිචාර ලැබෙනවිට දිගුකාලින මිතුරුදම් ඇතිවීම , නරක හැසිරීම් නිසා සතුරන් බවට පත්වී ආක්‍රමණ තත්වයන් ඇතිවීම , නගරයන්  යටත් කරගැනීම මෙහි ඇති සුවිශේෂී අංගයන් වේ.

තවත් මෙවන් වූ බොහෝ ක්‍රීඩා තිබෙනා නමුත්  මේවා ඒවා අතර කැපිපෙනෙන රසයකින් යුක්තයි. මෙම ඕනෑම ක්‍රීඩාවක Torrents  tooorgle.com මගින් සොයාගැනීමට එතරම් අපහසුවක් නැත .

ඔයාල මේ ලංකතා වලටත් කැමති වේවි:

 
About The Author

Lalindu

Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

සිංහලෙන්ම කොමෙන්ට් එකක් දාන්න
Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න.

සිංහල Unicode comment converter