බලපු කට්ට්ය :521

රාජකාරී වැඩ කාටයුතු අධික වූ කාලයක් ගෙවී ගියා…. ලන්කතාවට කතාවක් ලියන්නත් හුග කාලයකින් බැරි උනා…. කතාවක් ලියන්න ලේසියි…But, Topic එකක් හොයාගන්න එක තමා අමාරුම.

මන් මේ දවස් වල මාර අවුලෙන් ඉන්නෙ. මගෙ ආදරවන්තිය බෙලිහුල්ඔය සබරගමුව University එකට ගියා… ඉතින් මගෙ කෙල්ල මේ දවස් වල කවදාවත් නොකාපු තරමෙ කටු කනවා…. මටත් හිතට අමාරුයි…  සින්නන්ටයි… සික්කන්ටයි, ලෙචාලටයි, බයේ මයෙ කෙල්ල ඉන්න හැටි දැක්කම ඊට වඩා අමාරුයි…..

ගෙදර ඉද්දි නම් කොහොම හරි අම්මටයි තාත්තටයි විතරයි බයෙන් අපි Love කලේ… But  දැන්… හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට එන කේන්තියක්….. Sorry මම Topic එකෙන් පිට යනවා වැඩි.

නවක වධ පනත හරහා… සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්ට වසර දෙකක පන්ති තහනමක් දීම හරහා… එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ස0ගම් වල් ක්‍රියාකාරීතවය නැති වෙලා ගිහින්… ඉතින් පරිපාලනය තමුන්ට ඕන ඕන විදියට නවක සිසුන්ට සලකනවා…S.B. කියන පුද්ගලයාගේ උවමනාවට එක SEmester එකක පමනක් Gap එකක් තියාගෙන මෙවර නවක සිසුන් බදවා ගැනීමට කටයුතු කිරීම හරහා… නවකයින්ට සෑහෙන පමන අපහසුකම් වලට ගොදුරු වෙන්න සිදු වෙල තියෙනව…. විධිමත් ශාලා පහසුකම් නොමැතිව සිසු සිසුවියන හරක් මෙන් කාමර වලට ගාල් කර ඇති අන්දම මැනවින් පෙනී යනවා…

ගෙදර 10x12ft Room එකක තනියම හිටපු මයෙ කෙල්ලට 4 දෙනෙක් එක්ක 8x8Ft Room එකක් Share කරගන්න වෙලා තියෙනවා.. ඒ මදිවට Room  එකට Plug Point එකක් නෑ… ළමයින්ට Current use කරලා රෙදි ion කරන්න තහනම්… මයෙ කෙල්ලට ලැබුනු Bunker bed එකේ, උඩ ඇදෙන් වැටෙනවට Guard එකක් නෑ… ඇදට නගින්න Ladder එකක් නෑ… Chair එක තියල ඇදට නගින්න ගිහින් මගෙ කෙල්ල වැටුන දාට මන් ඔය මෝඩ පරිපාලකයින්ව කනවා… (Sorry අමතක උනා මන් හරක් මස් කන්නෙ නෑනේ…)

Room එකට පුටු මේස නෑ… බඩු දාගන්න ලොකර් නෑ… අඩු තරමෙ Rack එකක් වත් නෑ…පාරේ යන මිනිස්සුන්ට Windows වලින් Girls ලගෙ Room වල අභ්‍යන්තරය හොදට පේනවා… LSO කෙනෙක් හිටියට ගෑනු ළමයින්ට හරි හමන් ආරක්ෂාවක් නෑ… මටනම් බයයි මයෙ කෙල්ලව එහෙ තියන්න. But ඉගෙන ගනිපු දේවල් අපරාදෙනේ… ඒ නිසා තමයි ඉන්න අරින්නේ.. මම පේරාදෙනි විශ්ව විද්‍යාලයේ වසර තුනකට වඩා නේවාසික පහසුකම් භුක්ති වින්ද නිසා මේවා ගැන මට හිතා ගන්නවත් බෑ…

අනිත් හොදම දේ තමයි… මේ හොදට Advanced Level සමත් වෙලා Campus ආපු ළමයි, 8 වත් හරියට පාස් නැති සික්කන්ට ඔලුව නමන් ඉන්න ඕන.. හරියට හිරේ දැම්මා වගේ.. අනේ මන්දා නිදහස් අධ්‍යාපණයට මොනා වෙලාද කියලා…. පව් අහින්සක ළමයින්ව නොමරා මරනවා…. මේකත් අපේ ඇමතිතුමාගේ පුද්ගලික විශ්ව විද්‍යාල හා සම්බන්ධ රහස් න්‍යාය පත්‍රය සමග බැදුනු ක්‍රියාවලියක්ද කියලා මට සැකයි…

අනේ මගේ කෙල්ලේ පරිස්සමෙන් ඉන්න….

දුරින් සිටියත් දුකක් විදිමින් ඉගෙන ගනු සිතෙ දයිරියෙන්…
හෙටක් ඇතිවෙයි අපට ලදුනේ ඉගෙන ගත් මහ ශිල්පයෙන්…
හෙටත් පැමිනෙන එවුන් හටවත් දුකක් හෙම නොම දෙන  රිසින්…
සටන් කරමුද වරද එරෙහිව ඔවුන් බලවත් මෝඩයන්…

ඔයාල මේ ලංකතා වලටත් කැමති වේවි:

 
About The Author

පණ්ඩුක රණමඩුව

13 Responses to නවක වධය _ Rag

  1. Anonymous says:

    ඕකට කියන්නේ ආදර කැක්කුම කියල!!

  2. Ramesha says:

    Oyage Girl ethana ambanaka katta kana nisa thamai oyata e prashne danune.. maha untath thamange ekek owala duk widinawa nam hithata papuwata sirawatama duka danila Hostal eka thiyanawata wada sahenna hodata hadala wenas karai.. thamange un nathuwa anun katu kanakota ekektawath danenne ne . mata kiyanna thiyenne e tika thamai.

    Ramesha

    • පණ්ඩුක රණමඩුව says:

      අපි ගියපු Campus එකේ ඔය පහසුකම් වල අඩුවක් තිබුනෙ නෑ… ඇත්තටම මගෙ කෙල්ල ගියාට පස්සෙ තමයි මම මෙහෙම සිසුන්ට සලකන Campus ලන්කාවෙ තියෙනවා කියලා දැනගත්තෙ

  3. රැග් කාපු එකෙක් says:

    පරිපාලකයින්ගෙ වැරදි හින්ද පහසුකම් අඩු වෙන එක වැරදියි කියමු. ඒත් රැග් එක හොදයි කියපු උඹට තාමත් ඒකෙ වැරැද්ද තේරෙනවද කියල සැකයි.

    • පණ්ඩුක රණමඩුව says:

      මන් තාමත් කියන්නේ එක RAG හොදයි කියලා තමයි….But Rag එකේ සමහර දේවල් තියෙනව අයින් විය යුතුයි..ඔබතුමා RAG කාපු එකෙක් නම්…. ඒව ගැන දන්නව ඇතිනේ…

  4. kushan says:

    අනිවා යාලුවා ,
    RAG එක තියෙන්නම ඕන.ඒත් මේ අමන දෙශපාලයන් ගාවගන්නෙ නැතුව.

  5. sugath says:

    mewa dakama athata sirawatama duka hithanawa ban, but what to machan, diz f**king ministers and their headless advisers didnt understand those things, only thing there care is the money …

  6. rangnath says:

    I really cant agree with your point of view,because im sure that administration of this university is trying there best to provide those facilities to the students. those are relatively new universities compared with the ones you have studied, so all those will get fixed with the time. any how all those students including your g.f are getting free education wont they, so can they complain about the facilities they getting for free ????

    • පණ්ඩුක රණමඩුව says:

      දාර්ශනිකයි…. තාර්කිකයි….

      They try to give their best.. but didn’t.
      U talk about time….ඔය කියන කාලේ ගෙවෙනකන් ළමයින්ට හරක් මඩුවලද ඉන්න වෙන්නේ…

      ඔබතුමා කියන නිදහස් අධ්‍යාපණයෙන් එළිය බලපු අයම තමයි.. අද ඒකට වින කටින්නේ… ඔය කියන අයිතිවාසිකම් සිසුන් බොහොම අමාරුවෙන් ජීවිත පර්ත්‍යාගයෙන් ලබා ගනිපු දේවල්… එහෙම දේවලුයි අද මේ නැති කරන්න යන්නේ.. එදා හිටපු සිසු විරුවන් අද ඔබතුමා වගේ අපිට උගන්වනවනේ Free කියල හිටියානම්…..අපේ රටට අද මෙහෙමවත් පැවැත්මක් නැති වෙලා ගොඩක් කල්….

      හැබැයි එදා හිටපු පරිණත දේශපාලකයින්ට තිබුන මොළෙන් කළදක්වත් අද ඉන්න උන්ට තිබුනනනම්….

      ඔහොම එන්න එන්න ළමයින්ට වැරදි විදියට අපේ ජාතික විශ්ව විද්‍යාලවල සලකනකොට…. නිරුත්සාහයෙන්ම ඒවයෙන් Advantage එකක් PVT UNi වලට යන බව ඔබතුමාට තේරෙනවා ඇතිනේ….

  7. gama says:

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    read more
    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

සිංහලෙන්ම කොමෙන්ට් එකක් දාන්න
Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න.

සිංහල Unicode comment converter